Friday, October 15, 2010

ආයුර්වේදයෙහි ඉතිහාසය

ආයුර්වේදයෙහි උපත පිලිබදව පරම්පරාවෙන් පරම්පරාවට වාචිකව තොරතුරු ගමන් කර ඇත. ආදි ඍෂිවරු හෙවත් බහුස්‍රැතයන් ඉන්දියාවේ හිමාල කන්ද පාමුල එක්රැස්වී ඇත. ඔවුනගේ අරමුණ වී ඇත්තේ සෞඛ්‍ය සම්පන්නව දීර්ඝායුෂ විදීමේ රහස් පිළිබදව දැනුම වැඩිදියුණු කර ගැනීම හා හුවමාරු කර ගැනීමයි. ඔවුන්ගේ මෙම ප්‍රයත්නයෙහි අවසන් ප්‍රතිඵලය වනුයේ ආයුර්වේදය හෙවත් ජීවිතය පිළිබද විද්‍යාව බිහිවීමයි.
ආයුර්වේදයෙහි භාවිතයන් සහ මුලාරම්භය පිළිබදව ලිඛිත පරිශීලන මාධ්‍යයන් නොමැත. ආයුර්වේදයෙහි වයස නිර්ණය කරනුයේ අමතර පර්යේෂණ සාක්ෂි සහ වේද යුගයෙහි විසු අග්නි වේශ විසින් රචිත අග්නිවේශ තන්ත්‍රිනම් ග්‍රන්ථයෙහි මුල්වරට ආයුර්වේදය පිළිබද සදහනක් කොට ඇත. මෙය පසුකාලීනව චරත විසින් චරක සම්හිත ලෙස සංශෝධනය කරන ලදී. ආයුර්වේද පිළිබද අනෙකුත් මුල් යුගයේ ලේඛනයන් වනුයේ චරක සම්හිත හා ශුස්රුත සම්හිතයි. ශිලා ලිපි පැවත ඒමට ප්‍රථම මෙම දැනුම ගුරුකුල ක්‍රමය ඔස්සේ වාචිකව පැවතුනි.
මුල් යුගයේ ලේඛනයන් රචිතව තිබුණේ කල්තබා ගත නොහැකි තල්පත්‍ර සහ බෝජපත්‍ර වලයි. මේවා පසු කාලීනව ශෛල හා තඹ පත්‍ර මත රචනා කරන ලදී. ආයුර්වේදය පිළිබදව රචිත ඇතැම් ශ්ලෝකයන් අතර්වේදයෙහි සදහන්ව ඇති අතර ආයුර්වේදයෙහි ඇතැම් ඒවා ඉතාමත් පැරණිය. ආයුර්වේද ක්‍රමයන් කාලයක් මුළුල්ලේ විකාශනයට පත්ව ඇත. ඇතැම් ඒවා පුරාණ වේද යුගයෙහි පටන් නව්‍යකරණය වෙමින් පවතින අතර ඉන්දියාවේ බුදුන් ජීවත් වු කාලයේ දී එය වැඩි වශයෙන් සිදු වී ඇත.
ආයුර්වේදයෙහි විවිධ සිද්ධාන්තයන් ගොඩ නැගීම සදහා හින්දු ආගම බොහෝ බලපෑම් ඇති කර ඇත. මුල් යුගයේදී දිව්‍යමය ප්‍රාඥයින් විසින් අවබෝධ කරගත් දැනුම සංකීර්ණ ස්මෘති ආධාරක මගින් සාමාන්‍ය මනුෂ්‍යයන් වෙතද පසු කාලීනව ක්‍රම ක්‍රමයෙන් ගමන් කර ඇත. ආයුර්වේද සම්ප්‍රදායන් පිළිබද විස්තර එක් එක් රචකයන් අනුව වෙනස් වේ. එසේ වන්නේ වාචිකව පැවත එන දත්තයන් විවිධ මාධ්‍ය ඔස්සේ පරිවර්තනය වීමෙනි. මුල්ම අ‍ායුර්වේද අත්පිටපත් රචනා කරන ලද ලේඛකයන් විසින් එහි එකිනෙකට වෙනස් ක්‍රම වේදයන් පිළිබද සදහන් කර ඇත.

ආයුර්වේදය හා ඉතිහාසය

මහා භාරතයේ සදහන් වන අන්දමට ක්‍රිෂ්ණා දෙවිදුන් හට සම්බ් නම් පුතෙක් විය. ඔහු ලාදුරු රෝගයෙන් පීඩා වින්දේය. ඔහුට ප්‍රතිකාර කරනු වස් ක්‍රිෂ්ණ දෙවිදුන් විසින් ශක්‍ර ද්වීපයෙහි (නූතන ඉරානය) වෙසෙන විශේෂ බ්‍රහ්මයින් කොටසක් වෙත ආරාධනා කොට යවන ලදී. ඔවුන් සුර්යය නමස්කාරයෙහි නිරත වන්නන් සහ ප්‍රසිද්ධ දෛවඥයන් වුණි. ඔවුන් සම්බ් හට ප්‍රතිකාර කොට ලාදුරු රෝගය සම්පුර්ණයෙන් සුව කරන ලදී. ශක්‍ර ද්වීපයෙහි බ්‍රාහ්මණයින්හට මාගි බ්‍රාහ්මණයන් ලෙසද ව්‍යවහාර කෙරේ. සකල් ද්වීපයෙහි ආයුර්වේදය, දෛවඥවේදය, තාරකා විද්‍යාව පිළිබද විශේෂ දැනුමක් තිබූ අතර ඔවුන් සුර්යය නමස්කාරයෙහි යෙදෙන්නන් වූයෙන් සෞර යන නමින් හැදින්විණි. මොවුන්ගේ උපත පිළිබද වැඩි විස්තර භාවිශ්‍ය පුරාණයෙහි අන්තර් ගතය. ඔවුන් ආයුර්වේදයෙහිලා විශේෂ මෙහෙයක් ඉටු කළහ. නූතන ආයුර්වේදයෙහි නිර්මාතෘ වනුයේ මාගි හෝ සකල් ද්වීපයයි.

පුරාතන සාක්ෂි

ඉන්දියානු දේශීය වෛද්‍ය විද්‍යාවේ ඉතිහාසය බුද්ධ වර්ෂ 3000 තරම් පැරණි අතීතයක් ඇති ඉන්දු නිම්න ශිෂ්ටාචාරය තරම් ඈත අතීතයකට දිවෙයි. මොහෙන්ජෝදාරෝ හා හරප්පා යන ඉතා හොදින් නගර නිර්මාණයක් සහිත වු ශිෂ්ටාචාරයන් මගින් ඉන්දියාවෙහි සශ්‍රික සංස්කෘතික උරුමයන් පිළිබදව සහ වැඩි දියුණු වු සනීපාරක්ෂක ක්‍රම සහිත සෞඛ්‍ය සේවයක් තිබු බවට සාක්ෂි ලබාදේ. හරප්පා නගර වලින් සොයා ගන්නා ලද නටඹුන් අනුව එහි වෛද්‍ය විද්‍යාව පැවති බවට සාක්ෂි ඇත. බුද්ධ වර්ෂ 1200 සහ 700 යන කාල වලදී චතුර්වේදයන් නිර්මාණය වුණි. රේග පිළිබද විස්තරය, ශාක සාර ඖෂධ සහ ඒවායින් ලබාදෙන ප්‍රතිකාර ක්‍රම එම වේද හතරෙහිම විස්තර කෙරුණද ඍග් වේදයෙහි විශේෂිත සටහනක් ඇත.
අකර්ව වේදයෙහි ශාකසාර ඖෂධ පිළිබද වර්ණනාත්මක ස්තෝත්‍ර අන්තර්ගතය. බොහෝ ශාක වලට දෙවියන්ට මෙන් නමස්කාර කර යාඥා කරන ලදී. මීට අමතරව සෙංගමාලයට සහ විවිධ ප්‍රවේනි ගත රෝග සදහා ප්‍රතිකාර කිරීමට විවිධ මන්තර වර්ග භාවිතා කෙරිණි. රෝග සුව කිරීම සදහා කරන ලද මැතිරීම් භයිසජ්ජ්‍යම් නම් වන අතර දීර්ඝායුෂ සහ සමෘද්ධිය ලබාදීම සදහා කරනු ලබන මැතිරීම් ආයුශ්‍යම් නම් වේ. මේවා අතුරින් ආයුශ්‍යම් පසුකාලීනව වෛද්‍ය විද්‍යාවේ දියුණුව සදහා උපකාරී වුණි.

ආශ්‍රිත

හින්දු බ්‍රාහ්ම පිළිරුවක්. හින්දු ආගම ආයුර්වේදයේ දිව්‍යමය ආරම්භයක් ගැන විශ්වාස කරයි.
‘දන්වන්තරි’ ආයුර්වේදය හි දෙවියා
නාගර්ජුන බුදුරජාණන් වහන්සේගේ අනුගාමිකයෙක් සහ විවිධ රෝගාබාධ සදහා නව ඖෂධ සොයා ගත් ප්‍රසිද්ධ ඖෂධ වේදියෙක්
 
Source: http://si.wikipedia.7val.com/wiki/Ayurveda_-_History

No comments:

Post a Comment