Saturday, October 30, 2010

ආයුර්වේදය

ආයුර්වේදයයනු ඉන්දියාවේ ජනිත වූ වෛද් ක්රමයකි. ආයුෂ්යන්නෙන් දීර්ඝ ජීවිතය වේදයයන්නෙන් උසස් දැනගැනීම නොහොත් උතුම් අනුශාසනය ගැනේ. මේ අනුව දිගු කලක් ජීවත්වීමට උපදෙස් දෙන උතුම් ශාස්ත්රය ආයුර්වේදයලෙසින් නම් කර ඇත.
මෙසේ ඉන්දියාවේ ජනිත වූවායැයි සැලකෙන ආයුර්වේදයේ නිර්මාතෘවරයා ලෙස සැළකෙනුයේ ධන්වන්තරි නම් මහ ඍෂි තුමාය.

ආයුර්වේද වෛද්‍ය ක්‍රමfha b;sydih.
ආයුර්වේදයේ නිර්මාතෘවරයා ලෙස සැළකෙනුයේ ධන්වන්තරි මහ ඍෂිතුමාය. මෙතුමා විසින් ආයුර්වේද වෛද්‍ය ක්‍රමය භාරතයේ ව්‍යාප්ත කරනු ලැබු අතර එයින් වර්ෂ 400 කට පමණ පසු උත්තර භාරතයේ ජනයා අතර උග්‍ර අයුරින් ලෙඩ රෝග පැතිර යන්නට විය. එයින් පීඩාවට පත් ජනතාවට සෙත සැළසීම පිණිස එකල ජීවත් වූ මහා ඍෂිවරුන් හිමාලය පාමුල පංච නදී තීරයට එක්රැස්ව මෙය සඳහා පිළියම් සෙවූහ. එහි දී ගත් තීරණයකට අනූව භාරද්වාජ නම් මහ ඍෂිවරයාණන්ව ඉන්ද්‍රභවනයට යවා තිබේ. යථෝක්ත අවශ්‍යතාවය උදෙසා ප්‍රතිකාර පද්ධතියක් හදාරා ඒමට ඉන්ද්‍රභවනට පිවිසි භාරද්වාජ මහා ඍෂිතුමා ඉන්ද්‍රදේවයාගෙන් ආයුර්වේදය මැනවින් හදාරා නැවතත් භාරත දේශයට සම්ප්‍රාප්ත වී ඇත. නැවතත් රැස් වූ මහා ඍෂි සමුළුවේ දී භාරද්වාජ මහා ඍෂි තුමා තමන් උගත් ශාස්ත්‍රය සෙස්සන්ට ද ප්‍රගුණ කරවා ඇත.
ආයුර්වේදයේ  සම්ප්‍රදායka

ආත්‍රෙය සම්ප්‍රදාය

ඒ අතර සිටි ආත්‍රෙය නම් මහා ඍෂි තුමා සිසු පරපුරක් බිහි කර ගනිමින් ආයුර්වේදයේ එන කාය චිකිත්සාවට ප්‍රමුඛත්වය ලබා දෙමින් අෂ්ඨ අංගයකින් සමන්විත ආයුර්වේදය ජනතාව අතර ව්‍යාප්ත කොට තිබේ. ආත්‍රෙය මහා ඍෂි තුමාගේ මූලිකත්වයෙන් ක්‍රියාවට නැගුණු මෙය ඇත්‍රෙය සම්ප්‍රදාය යනුවෙන් ද හදුන්වයි. මෙහි එන මූලධර්ම ආදී අධ්‍යන අංග ආයුර්වේද නිර්මාතෘ වශයෙන් සැළකෙන ධන්වන්තරින් ආයුර්වේද සම්ප්‍රදායට සමාන වේ.
මෙම සම්ප්‍රදායන් දෙක අතර ඇති එකම වෙනස වන්නේ ධන්වන්තරී සම්ප්‍රදාය ශල්‍ය චිකිත්සාවට ප්‍රධාන ස්ථානය දුන් අතර ආත්‍රෙය සම්ප්‍රදාය කාය චිකිත්සාවට ප්‍රමුඛත්වය දීම පමණයි.

කාශ්‍යප සම්ප්‍රදාය

ඒ අතර යථෝක්ත සම්මේලනයේ දී ආයුර්වේදය උගත් කාශ්‍යප මහා ඍෂිවරයා ද සිසු පරපුරක් බිහි කර ගෙන ඇත. එය කාශ්‍යප සම්ප්‍රදාය නමින් හැඳින්විණි.

සිද්ධ වෛද්‍ය සම්ප්‍රදාය

ආත්‍රෙය මහා ඍෂිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති වෛද්‍ය අධ්‍යාපන සාකච්ඡාවකට දක්‍ෂිණ භාරතයෙන් අගස්ති මුනිවරයා ද ලංකාවෙන් පුලස්ති මහා ඍෂි තුමා ද සහාභාගී වී ඇත. එහි දී ආයූර්වේදය හැදෑරු අගස්ති මුනිවරයා දක්‍ෂිණ භාරතයේ විසු අසුරයන් වෙත පැමිණ එහි සුලභ බෞද්ධ සම්පත් ප්‍රයෝජනයට ගනිමින් වෛද්‍ය ක්‍රමයක් බිහි කොට ඇත. එය සිද්ධ වෛද්‍ය සම්ප්‍රදාය යනුවෙන් හඳුන්වයි.
සිද්ධ වෛද්‍ය ශාස්ත්‍රය වනාහි ආයුර්වේදය මෙන්ම සම්පූර්ණ වූ විද්‍යාවකි. ආයූර්වේදයේ කාය චිකිත්සා, ශල්‍ය, ශාලාඛ්‍ය යන අංග තුන එකල ජන සමාජයෙහි බෙහෙවින් ප්‍රචලිතව ඇත. බුද්ධ කාලයේ දී දියුණූ තත්වයක පැවැති ශල්‍ය, ශාලාඛ්‍ය ක්‍රම දෙන භාරතීය බෞද්ධ සමයේ පිරිහීමක් සමගම අභාවයට පත් වී ඇත.
මෙම සම්ප්‍රදාය ද ආයුර්වේදයේ මූලධර්මයන් අනුගමනය කර ඇත. සිද්ධ වෛද්‍ය සම්ප්‍රදාය ප්‍රතිකාර ක්‍රමයක් ලෙස සින්දුරම්ප්‍රතිකාරය බෙහෙවින් දියුණු වී තිබේ. මෙම සින්දුරම් ප්‍රතිකාරය පසු කාලීනව රස වෛද්‍ය ක්‍රමයයන නාමයෙන් ආයුර්වේදයට සංකලනය වී ඇත්තේ තව තවත් දියුණු සොයා ගැනීම්වල ප්‍රතිඵලයක් ලෙසටය. මෙම සිද්ධ වෛද්‍ය සම්ප්‍රදාය දක්‍ෂිණ භාරතය පුරාම ප්‍රචලිත වූවක් ලෙස මෙහි දී හැඳින්විය හැකිය.

ලක්දිවට සංක්‍රමණය

ආයුර්වේද උප්පති කථානමෙසේ දැක්විය හැකි අතර පුලස්ති මහා ඍෂිවරයා ද අගස්ති මුනිවරයා ද සිද්ධ වෛද්‍ය ක්‍රමයේ ප්‍රගතියට කටයුතු යොදා ඇත. පසුව ලංකාවට පැමිණ පුලස්ති මහා ඍෂිවරයා අසුරයන්ගෙන් පසු රටේ ශක්තිමත්ව සිටි සාමාජිකයෝ වූ රාක්ෂයන් වෙත විවිධ වෛද්‍ය ක්‍රමයන්ගේ සංකලන දේශිය ඖෂධ සම්පත් උපයෝගී කර ආයුර්වේද ක්‍රමය හඳුන්වා ඇත.
ආයුර්වේද ක්‍රමය ලක්දිවට සංක්‍රමණය වූයේ භාරතයෙන් බව පුරාවෘත්ත වලින් හෙලිවේ. දැනට ලක්දිව ව්‍යවහාර වන වෛද්‍ය ක්‍රමයට සිංහල වෙදකම හෙවත් ස්වදේශීය වෛද්‍ය ශාස්ත්‍රය යයි කියනු ලැබේ. දේශීය වෛද්‍ය ක්‍රමය, ජාතික වෛද්‍ය ක්‍රමය, සිංහල වෛද්‍ය ක්‍රමය යන විවිධ නම් වලින් මෙය හඳුන්වන අතර 1961 අංක 31 දරණ ආයුර්වේද පනතේ 89 ඡේදයෙහි එන අර්ථ නිරූපණ යටතේ ආයුර්වේදයයන නාමය ආයුර්වේදය, සිද්ධ, යුනානි, යන වෛද්‍ය ක්‍රම තුනටම සංගෘහිත නාමයක් වශයෙන් හඳුන්වා ඇත.
ක්‍රි.ව. තුන්වන ශතවර්ෂයෙහි විසූ රජවරුන්ගේ අනුග්‍රහයෙන් ආයුර්වේදීය ශල්‍ය චිකිත්සාව දියුණු තත්වයක පැවති බව පුරාවෘත්ත වලින් කියැවේ. සිංහල බෞද්ධ නරපතියෙකු වූ බුද්ධදාස රජතුමා මීට කදිම නිදසුනකි.
ආයුර්වේද ග්‍රන්ථ
සාරාර්ථ සංග්‍රහය
අනුරාධපුර යුගයෙහි මුල් අවධියේ සිටම ආයුර්වේද ශාස්ත්‍රය ලක්දිව පැවති බවට සාක්ෂි ඇතත් ඒ සමයෙහි ලියැවුණු වෛද්‍ය ග්‍රන්ථයක් යැයි කිව හැකිව තිබෙන්නේ බුද්ධදාස රජතුමන් විසින් ලියන ලද සාරාර්ථ සංග්‍රහයපමණකි. මෙය සතුරු ආක්‍රමණ හමුවේ ඉතිරිවූ එකම ග්‍රන්ථය යැයි සිතිය හැක.
සාරාර්ථ සංග්‍රහයආයුර්වේදීය ග්‍රන්ථයන් ඇසුරුකොට ලියූවක් බව පෙනේ. පසුකාලීනව මෙම ග්‍රන්ථයට සන්න ලියූවන් විසින් දක්ෂණාත්‍ය වෛද්‍ය සම්ප්‍රදායට අයත් අග්නි කර්ම විධිය හා වෙනත් ප්‍රතිකාර ක්‍රමයන්ද ඊට ඇතුලත් කරනු ලැබ ඇත.

භේසජ්ජ මංජුසාව

මීළඟට දේශීය වෛද්‍ය ග්‍රන්ථයන් අතුරෙන් ප්‍රධාන ස්ථානයෙහිලා ගැනෙන්නේ අනවමදර්ශී සංඝරාජ මාහිමියන් විසින් මාගධී භාෂාවෙන් ලියන ලද භේසජ්ජ මංජුසාවයි. මේ සඳහා වැලිවිට සරණංකර සංඝරාජ මාහිමියන් විසින් ලියන ලද සන්නය දේශීය වෛද්‍ය ශාස්ත්‍රයෙහි උන්නතිය පිණිස කෙරුණු ශ්‍රේෂ්ඨතම කෘතියකි. මෙහි දකෂිණාත්‍ය සිද්ධ වෛද්‍ය මතයන් ද ඇතුලත් කර තිබේ.

යෝගාර්ණවය හා ප්‍රයෝග රත්නාවලිය

පලමුවන බුවනෙකබාහු අවධියෙහි මයුරපාද හිමියන් විසින් ලියන ලද යෝගාර්ණවයහා ප්‍රයෝග රත්නාවලියද අගනා දේශීය වෛද්‍ය ග්‍රන්ථයෝ වෙති. මෙහි ද දක්ෂණත්‍ය සිද්ධ වෛද්‍ය ශාස්ත්‍රයට අයත් වෙද පිළියම් ඇතුලත් කර තිබේ. වරයෝග සාරය, ප්‍රයෝග සමුච්ඡය, යෝග පිටකය, වෛද්‍ය චින්තාමණිය ආදී ග්‍රන්ථයන් හා යෝග රත්නාකරය, යෝග මුක්තාවලිය, වටිකාප්‍රකරණය, යෝග මාලාව ආදී ග්‍රන්ථයන් ද සිංහල ප්‍රයෙන් හා සංස්කෘත ශ්ලෝකයෙන් රචිත යෝග ශතකය මෙන්ම සිංහල පiමය සෙනහ ශතකය ආදී සංග්‍රහ ග්‍රන්ථයෝද දේශීය චිකිත්සාව ඉගෙනීම සඳහා යොදා ගනී.
මේ දැක්වුණු ග්‍රන්ථ සියල්ලම විශේෂයෙන්ම දේශීය කාය චිකිත්සාවට අදාළ වේ. මීට අමතරව ගද්‍ය වූත්, පද්‍ය වූත් නොයෙක් දේශීය වෛද්‍ය ග්‍රන්ථ රාශියක් දක්නට ලැබේ. මෙසේ බලන කල දේශීය වෛද්‍ය ශාස්ත්‍රය හෙවත් සිංහල වෙදකම වූ කල්හි උතුරු ඉන්දියාවේ සකු බසින් සම්පාදිත ග්‍රන්ථයන් හා දකුණු ඉන්දියාවේ දෙමළ, තෙළිඟු , මලයාලි යන භාෂාවලින් ලියැවුණු ග්‍රන්ථයන්ද ඇසුරින් අපේ රටේ දේශගුණික හා ශාරීරික තත්වයන්ද සළකා බලමින් සකස් කරගන්නා ලද්දකි.
දඹදෙණි අවදියෙන් මෑත භාගයෙහි වරින් වර ලංකාවට පැමිණි කේරළ, චෝල, පාණ්ඩ්‍ය වැනි ජාතීන්වලට අයත් සිද්ධ වෛද්‍යවරයෝ දක්ෂිණ භාරතයෙහි එකල ප්‍රචලිතව පැවති උසස් ශාස්ත්‍ර ක්‍රමයන් හා විවිධ ඖෂධ හා වර්ග ද සිංහල වෛද්‍ය ශාස්ත්‍රයට ඇතුළත් කොට ඇත.
ආයුර්වේද වෛද්‍ය ක්‍රම වල ව්‍යාප්තිය
ශ්‍රී ලංකාව පාලනය කළ විවිධ රජවරුන්ට මෙන්ම හෙළ වෙදකම මේ දක්වා නොනැසී ඉදිරියට ගෙන ඒමේ ගෞරවය හිමිවිය යුතු තව එක් පිරිසක් ද සිටී. එනම් අපගේ භික්ෂු පරපුරයි. වෙදකමින් විස්කම් පාමින් බොහෝ රෝගීන් සුවකළ භික්ෂූන් එදා මෙන් ම අදත් සිටී. එසේම ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශවලින් බිහිවූ වෙද පරම්පරා රුසක් ද සිටීම අපගේ දේශීය වෙදකම් පදනම බඳුය.
මෙසේ කලින් කලට දේශීය වෛද්‍ය ක්‍රමයට නවීනත්වයක් එක්වෙමින් වත්මන වන විට ආයුර්වේද හා දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ මහත් වූ නවෝදයක් අද ශ්‍රී ලංකාව ලබමින් සිටී. ශ්‍රී ලංකා ආණ්ඩුව මෙම සංස්කෘතික හා ජාතික දායාදය රැකගැනීම පිණිස විවිධ අයුරින් පරිශ්‍රමයක් දැරීම සතුටුදායකය. නමුදු සමහර ආයුර්වේද සංවර්ධන අංශයන්හි නියමුවන්ගේ විවිධ දුර්වලතා හේතුකොටගෙන යම් යම් බිඳවැටීම්වලට ද දේශීය වෛද්‍ය ක්‍රමය මේ වනවිටත් මුහුණ පා සිටී.

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ අනාගතය

නවීන වෛද්‍ය විද්‍යාව හා ආයුර්වේද වෛද්‍ය විද්‍යාව සසඳන කල්හි ඇතැමුන් පවසන්නේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව යනු පර්යෙෂණ කර ඒවායින් ලැබිය යුතු නිගමනවලට මේ වනවිටත් එළැඹ සිටින විද්‍යාවක් බවත් නවීන වෛද්‍ය විද්‍යාව තවමත් පර්යේෂණ සිදුකරමින් ඉදිරියටත් නව්‍යකරණයට යොමුවන විද්‍යාවක් බවත්ය. මෙවැනි මත වලින් පැහැදිලි වනුයේ අපට උරුම වී ඇති දේශීය වෛද්‍ය විද්‍යාව නව්‍යකරණයට යොමුකළ යුතු බවයි. එසේ නම් ඒ සඳහා අවශ්‍ය වන්නේ අව්‍යාජ ඍෂිවරු නොව ආයුර්වේද වෛද්‍ය විද්‍යාඥයින් පිරිසකි. අප නොදන්නා එමෙන්ම භාරතයෙහිම වැළලී ගිය නොයෙකුත් වෛද්‍ය ක්‍රම සහ ඖෂධ පර්යේෂණ මාර්ගයෙන් සොයාගැනීමට උත්සුක විය යුතුය.
පුරාණ ලංකාවේත් භාරතයෙන් ප්‍රමුඛ තැන හිමිවූ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය යුරෝපීයයන්ට යටත්වීමෙන් පසු නොයෙකුත් විපර්යාසයන්ට පත්වෙමින් පිරිහීමට පත්විය.

අද පත්ව ඇති තත්වය

මේ වනවිට බොහෝ ඖෂධ වර්ග ඉතා දුර්ලභය. එයට හේතුවී ඇත්තේ වන විනාශය හා ජනාවාසකරණයයි. මේ හේතුවෙන් වටිනා ඖෂධ සහමුලින්ම පාහේ විනාශ වෙමින් පවතී. එමෙන්ම ඖෂධ නිෂ්පාදකවරුන්ට ඖෂධ ලබාගත යුතු වන්නේ වැඩි මුදලක් ගෙවීමෙනි. එයින් සිදුවනුයේ නිෂ්පාදිත ඖෂධ මිල වැඩිවීමය. නමුදු බොහෝවිට සිදුවනුයේ අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයක් ඖෂධ ඇතුළත්කොට ඖෂධ නිෂ්පාදනය කිරීමත් ය. මේවායේ අහිතකර ප්‍රතිඵල විඳීමට සිදුවන්නේ ජනතාවටම ය.
මෙවැනි දේ නොදත් ජනතාව මෙවැනි ඖෂධ පානයෙන් පසුව සුව නොවීම නිසා මුළුමහත් වෛද්‍ය ක්‍රමය ගැනම කලකිරීමක් ඇතිකරගනී. අද වන විට පිරිසිදු මී පැණි ටිකක්, එළඟි තෙල් ටිකක් ලබාගැනීම ඉතා දුෂ්කරය. මන්ද වෙළෙන්ඳාට අවශ්‍ය වන්නේ මුදල් ඉපැයීමට මිස රෝග සුවකිරීමට නොවේ. දේශීය වෛද්‍ය ක්‍රමය ගැන පාරිභෝගික ජනයා තුළ සැක සංකා පහළ වී ඇත.
පුරාණ භාරතයේ ධනවන්තරී, සුශ්‍රුත වැනි මහා ඍෂිවරයන් ශල්‍ය වෛද්‍ය විද්‍යාවේ පරතෙරට ගිය දේවත්වයෙන් සැළකිය යුත්තෝ වූහ. ඔවුන් ශල්‍ය වෛද්‍ය විද්‍යාවේ යෙදුනු අයුරු ඉතා ප්‍රශංසනීය බව සුශ්‍රුත, සංගීතා වැනි ග්‍රන්ථ තුළින් පෙනේ. නූතන ශල්‍ය වෛද්‍යවරයෙකු වූ ජර්මන් ජාතික හර්ස්බර්ග් මහතා දක්වන ආකාරයට හම්පිරිද්දම් ක්‍රමය සහිත ශල්‍ය වෛද්‍ය විද්‍යාf ඔවුන් ලබාගෙන ඇත්තේ සුශ්‍රුත නම් ඉන්දියානු වෛද්‍යවරයාගෙනි. නමුත් ශල්‍ය වෛද්‍ය කර්මය ආයුර්වේද වෛද්‍යවරයාට තහනම් කිරීමෙන් ආයුර්වේදයේ ප්‍රමුඛස්ථානයක් දිය හැකි අංශයකට දේශීය වෛද්‍යවරයා යොමුවීමේ දොර කවුළු වසා දැමීමකි. ලංකායුර්වේදය දෙස නෙත් යොමුකළහොත් එහි පිරිහීම කුමන අයුරකින් සිදුවන්නේද? එයට පිළියම කුමක්ද? යන ගැටළුවට පිළිතුරු සැපයීමට උත්සුක වුවහොත් නුදුරු අනාගතයේදී පරිපූර්ණ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවක් තුළින් ශ්‍රී ලංකාද්වීපයට ඍෂි යුගයක් ලබාගැනීමේ සෞභාග්‍යය උදාවෙනු නොඅනුමානයි.










Friday, October 22, 2010

සංස්කෘත අක්ෂර මාලාව දැනගනිමු

iajr
ixialD;
-
-
isxy,
w
wd
we
wE
b
B
ixialD;
-
isxy,
W
W!
R
RD
Ì
t
ixialD;
-
-
isxy,
ta
ft
T
T!
-


jH[ack
වර්ගdlaIr
ixialD;
isxy,
l
ixialD;
isxy,
ixialD;
isxy,
ixialD;
isxy,
ixialD;
isxy,
wka;#ia:dlaIdr
ixialD;

isxy,
r
,
j

W!Iauka wlaIr yd < ldrh
ixialD;
z
¦
isxy,
Y
I
i
y
wkqiajdrh yd jsiර්.h.

ixialD;
अं
अः



isxy,
wx
w#